FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකාවට එරෙහි සැලසුම හතුරු දිග හරියි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  දකුණු අප‍්‍රිකාව සමග තරගයට ශ‍්‍රී ලංකාව හෙට (28 ) පිවිසෙන්නේ ඔවුන්ගේ තරම දැනගෙන බව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමීන් සදහන් කර තිබේ.

#සැලසුම

‘අපි ප‍්‍රධාන අවධානය යොමු කරලා තියෙන්නෙ මේ තරගය සඳහා. මේ තරගයේදී අපි පළමුව පිති ප‍්‍රහාරය දියත් කළත් පන්දු යැව්වත් හොඳ ආරම්භයක් ලබා ගත යුතුයි. ඒ වගේම තරගය පුරාම අපි තරගයේ රැදි සිටිය යුතුයි මොකද කිසිම අවස්ථාවක තරගය අතහරින්න බැහැ. මෑත කාලයේදී අපි දකුණු අප‍්‍රිකාව සමග තරග කිහිපයක් ක‍්‍රීඩා කරලා තියෙන නිදා ඔවුන් ගැන හොඳට දන්නවා. ඔවුන්ගේ ඉන්න හොඳම ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න අවධානය යොමු කරලා තියෙන්නෙ. ඒ ක‍්‍රීඩකයන් පුළුවන් තරම් තගරයෙන් ඈත් කරලා තියන්න තමයි සැලසුම් කරන්නෙ. එංගලන්ත තරගය මෙන් අපේ සියලූම ක‍්‍රීඩකයන් දක්ෂතා දැක්විය යුතුම වෙනවා.’

#දකුණූ අප්‍රිකාව සමඟ කාසියේ වාසිය

‘‘දකුණු අප‍්‍රිකාව සමග තරගයේදී කාසියේ වාසිය ඉතාමත් වැදගත්. මොකද අපි නවසීලන්තය සමග තරගයේදී කාසියේ වාසිය පරාද වුණා. එංගලන්තය සමග තරගයේදී කාසියේ වාසිය දිනා ගත්තා. තණතිල්ල සවස් වෙනකොට තෙත ගතියක් තියෙනවා. කඩුල්ල මන්දගාමී වුවහොත් ලකුණු හඹා යෑම පහසු වෙන්නේ නැහැ.’

#දිර්ඝ විවේකය

‘‘අපිට දකුණු අප‍්‍රිකාව සමග තරගයට පෙර දින හයක දිග විවේකයක් ලැබුණා. හැම තිස්සෙම පුහුණුවීම් කරමින් සිටියා. නමුත් දින දෙකක විවේකයක් ක‍්‍රීඩකයන්ට ලබාදුන්නා එංගලන්ත තරගයෙන් පසුව. ඔවුන්ට එවිට නැවුම් බවකින් තරග වැදිය හැකියි. ඒ දින දෙකේදී ක‍්‍රීඩකයන් හොඳ හැටි විනෝද වුණා.

#එංගලන්තයට එරෙහි ජය

‘ඒක තමයි ක‍්‍රිකට් ක‍්‍රීඩාව කියන්නෙ. එයයි ක‍්‍රිකට් කී‍්‍රඩාවේ සුන්දරත්වය. අපි ආරම්භ කරන දෙය ඉදිරියට ගෙන යෑමයි වැදගත් වන්නේ. හොඳම කණ්ඩායම හෝ වේවා නරකම කණ්ඩායම හෝ වේවා ඕනෑම දෙයක් තරගයකදී විය හැකියි. එංගලන්තය ඉකුත් ලෝක කුසලානයේදී බංග්ලාදේශයට පරාජය වු දවසේ ඉදලා මේ ලෝක කුසලාන වෙනකම් හොඳින් සූදානම් වුණා. නමුත් අපි අපේ සංචිතය ගොඩක් ප‍්‍රමාද වෙලා තමයි දැන ගත්තේ.’’