FAST NEWS

24×7 Around the Globe

රෝවර් යානයේ නවතම දත්ත වලට අනුව අගහරු මත ජීවීන්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාසා ආයතනයේ කියුරියෝ සිටි රෝවර් යානය ලබාදී තිබෙන නවතම දත්ත වලට අනුව අගහරු ග්‍රහයාගේ විශාල වශයෙන් මීතෙන් වායුව ඇති බව සොයාගෙන තිබේ.

තහවුරු කරගත් එම දත්ත වලට අනුව මීතෙන් වායුව පවතින්නේ නම් ක්ෂුද්‍ර ජීවින් ද එහි සිටිය හැකි බව විශ්වාස කෙරෙන අතර , ජලය සහ ගල්පර අතර අන්තර් ක්‍රියාවෙන් ද මීතේන් සුඵ වශයෙන් උත්පාදනය වීමේ හැකියාව ඇති බව සදහන් වේ.

එමෙන්ම අගහරු ග්‍රහයා සම්බන්ධයෙන් කෙරෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා මෙය හොඳ සොයා ගැනීමක් බව විද්‍යාඥයන්ගේ අදහසයි.