(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ ගත වූ මාස 06 ක කාලය තුල අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙන අතර , ඉරාකය සහ සිරියාව තුළ තවදුරටත් අයි.එස්. සංවිධානය සමඟ පුහුණුවීම් කටයුතු සිදුකරන ඉන්දීය ජාතිකයින් සිටින බවට ද ඔහු සඳහන් කර තිබේ.









