FAST NEWS

24×7 Around the Globe

මාළු මිල ගණන් ඉහළ යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග දිවයිනට බලපා ඇති දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්ස්‍ය මිල ගණන්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බව ධීවර සංස්ථාව පවසයි.

රුපියල් 300 ක්ව පැවති හුරුල්ලන් කිලෝවක් රුපියල් 400 ක මිලකටත්, තලපත් කිලෝවක් රුපියල් 1200 ක මිලකටත් අලෙවි වන බවත් මේ හේතුවෙන් අනෙකුත් මාළු වර්ගවල ද මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවත් එහි ප්‍රකාශකයෙකු පැවසීය.