FAST NEWS

24×7 Around the Globe

සංගා සුපිරි පිතිකරණය සරේ පිළ අවසන් තරගයට ගෙනයයි.

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ සුපිරි පිතිරහඹය හේතුවෙන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන රෝයල් ලන්ඩන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සරේ කණ්ඩායම සමත්වුණා.

ඔවුන් හමුවේ තියුණු තරගයකින් අනතුරුව නොටින්හැම්ෂයර් කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සරේ කණ්ඩායම ලකුණු 300ක් රැස්කළා. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර ලකුණු 166ක් රැස්කරනු ලැබුවා.

එය මෙවර රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලියේ පිතිකරුවෙකු ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙනවා.

තරගාවලියේ අවසන් මහ තරගය ග්ලෝසෙස්ටර්ෂයර් කණ්ඩායම හා සරේ කණ්ඩායම අතර එළැඹෙන 19දා ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

 

1(2439) 2(1933)

Generated by  IJG JPEG Library

<> at The Kia Oval on September 7, 2015 in London, England.