(ෆාස්ට් නව්ස් | කොළඹ) – මේ වන විට දැඩි නියගයකට මුහුණපා සිටින උතුරු කොරියාවට හදිසි සහනාධාර යැවීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සහල් ටොන් පනස් දහසක් ඊයේ (19) දිනයේ පිටත්කර ඇති අතර , එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ ද තවත් අත්‍යවශ්‍ය ආහාර තොගයක් උතුරු කොරියාවට යැවීමට තීරණය කර ඇත.
ආර්ථික සම්බාධක සහ ස්වභාවික උවදුරු හේතුවෙන් උතුරු කොරියාවේ ආර්ථිකය දැඩි පරිහානියට පත්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.









