(ෆාස්ට් ගොසිප් – කොළඹ) – රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිමට අනුමැතිය දී තිබියදී ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් සියලු දෙනාටම ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැති කැබිනට් රැස්වීමේ දී කණගාටුව පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
සම්පුර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම් එය නියමු ව්‍යාපෘතියක් වන්නේ කෙසේ දැයි විමසා ඇති ජනාධිපතිවරයා අදාළ යෝජනාව සාකච්ඡාවට ගැනීම සතියකින් කල් දමා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
රජයේ ආයතනවල වියදම් 15% කින් කපන ලෙස දැනුම් දී තිබියදී ටැබ් පරිගණක නොමිලේ දීමට රුපියල් (කෝටි 227 ක්) මිලියන 2,275 ක මුදලක් වැය කිරිම ගැටලුකාරී බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
උසස් පෙළ සිසුන් 189,000 කට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම සඳහා අනුමැතිය ඉල්ලා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් මෙ බව කියා ඇත.









