(ෆාස්ට් නිව්ස් – කොළඹ) -ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව ඉදිරි වසර 04 ක පාලන කාලය සඳහා තමා නැවත පත් කර ගන්නා ලෙසෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු තම පාක්ෂිකයින්ගෙන් ඉල්ලා ඇති බව කියැවේ.
එමෙන්ම, ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් රට විනාශ කරන බවට ද ඔහු චෝදනා කර ඇති බව පැවසේ.
්‍අස්ථාවරව පැවති රට තම පාලනය කාලය තුළ ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට හැකි වූ බවද ට්‍රම්ප් අවධාරණය කර තිබේ.









