(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට හටගෙන ඇති දැඩි උණුසුම් කාළගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 70 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රාන්තයේ සෙල්සියස් අංශක 45 ඉක්මවූ උෂ්ණත්වයක් පවතින අතර, ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවත් වැඩිම මරණ සංඛ්‍යාව ගයා ප්‍රදේශයෙනුත් වාර්තා වී තිබේ.
දිල්ලි, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලින් ද ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.
බිහාර් ප්‍රාන්තයේ මේ දිනවල ජැපනීස් එන්සෙෆලයිටීස් රෝගය ද පැතිර යමින් පවතින අතර, මේ මාසය තුළ පමණක් ඒ නිසා සිදුවූ ළමා මරණ සංඛ්‍යාව 100 කට අධික බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.









