(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ඔස්ටේ‍්‍රලියාව සමග ජය ගත හැකිව තිබූ තරගයේ වාසිය මැද පෙළ පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය සමග ගිලිහී ගිය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
ලෝක කුසලානයට අවතීර්ණ වන විට කණ්ඩායමේ ගැටළුවක්ව පැවතියේ ආරම්භක පිතිකරුවන්ගේ ප්‍රශන්ය පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
‘අපිට ලෝක කුසලානට එනකොට තිබුණේ ආරම්භක පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය විතරයි. දැන් ආරම්භක පිතිකරුවන්ගේ ප‍්‍රශ්නයක් නැහැ ඔවුන් හොඳින් ක‍්‍රීඩා කරනවා. ප‍්‍රශ්නය තියෙන්නෙ මැද පෙළ පිතිකරුවන්ගෙයි. ඔවුන්ට ලකුණු ගහන්න බැරි අය නෙමෙයි නමුත් තරගයට ගියහම අවශ්‍ය වන මානසික ශක්තිය ඔවුන්ට නැහැ.’
‘‘අපේ මැද පෙළ ඉන්නේ අත්දැකීම් තියෙන පිතිකරුවන්. ප‍්‍රශ්නය තියෙන්නෙ ඔවුන් පසුගිය තරග කිහිපයේදීම ලකුණු අතර නොසිටි එකයි. පුහුණුවීම් හොඳට කරනවා. ඔස්ටේ‍්‍රලියාව සමග තරගයේදී තව ලකුණු 50 ක සබඳතා දෙකක් විතර ආවනම් අපි තරගය ජය ගන්නවා. අනෙත් එක තමයි අපේ පන්දු රැකීමත් හොඳ තැනක තිබුණෙ නැහැ. ඒ තරගයේදී ලකුණු 25 ක් විතර පන්දු රැකීමේ දුර්වලතාවයෙන් ඔස්ටේ‍්‍රලියාවට ලැබුණා. නුවන් ප‍්‍රදීප්ගේ අන්තිම ඕවර දෙකකට ලකුණු 40 ක් ගත්තා. ධනංජය ද සිල්වාගෙ අන්තිම ඕවරයට ලකුණු 20 ක් ගත්තා. ඒ ඕවර තුනට විතරක් ලකුණු 60 ක් ගියා. මම හිතන්නෙ මේ දේවල් අඩු කරගත්තනම් අපිට ඔස්ටේ‍්‍රලියානුවන්ව ලකුණු 300 කට අඩුවෙන් සීමා කරගෙන තරගය ජය ගන්නා තිබ්බා.’’









