FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ ක්‍රීකට් ක්‍රීඩක සාහාද් හුසේන් සහ ඇයගේ බිරීඳ පොලීසියෙන් සොයයි.

බංගලාදේශ ජාතික ක්‍රීකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සාහද් හුසේන් සහ ඔහුගේ බීරීඳ ඩාකා පොලිසීය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමීන් සිටින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

ක්‍රීඩක හුසෙන් සහ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගැනීමට සොයන්නේ සිය නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි එකළොස් හැවිරිදි මුපාෂා ආක්තාර් නම් ගැහැණු දැරියකට ශාරීරික වධ බන්ධන පැමීණ විමේ චෝදනාව මතයි.

කෙසේ නමුත් මෙම යුවළ මෙ වන විට අතුරුදන්ව ඇත බවත් ඔවුන්ව කඩිනමීන් අත්අඩංගුවය ගැනීමට පොලීසිය විසින් මෙහෙයුම් ක්‍රීයාත්ම කර ඇති බව එරට පොලීසිය ප්‍රංශ පුවත් සේවය වෙත වැඩි දුරටත් සඳහන් කරඇත.

සාහද් හුසෙන් බංගලාදේශය වෙනුවෙන් මෙවන විට ටෙස්ට් තරඟ 38කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 51කට ක්‍රීඩා කර ඇත.