(ෆාස්ට් නිව්ස් |කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 23 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර, ඊයේ (17) ටවුන්ටන්හිදි පැවති තරගයෙන් කඩුලු 07 ක ජයක් වාර්තා කිරිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු බංග්ලාදේශ අරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි, ලකුණු 321 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 322 ක් හඹාගිය බංග්ලාදේශය පන්දුවාර 41 යි පන්දු 03 කදි කඩලු 03 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේය.
ලකුණු පුවරුව








