(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාකිස්තානයේ අයි.එස්.අයි බුද්ධි අංශයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් අසීම් මුනීර් එම තනතුරෙන් ඉවත් කර ඇති බව පාකිස්ථාන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව නව බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ලුතිනන් ජනරාල් ෆයිස් හමීඩ් පත් කරනු ලැබ ඇතැයිද පැවසෙයි.
පාකිස්තාන බුද්ධි අංශය පාකිස්තානයේ ඉස්ලාමීය අන්තවාදී සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඔවුන් සහාය සහ අනුග්‍රහය දක්වනවා යැයි ඉන්දියාවත් ඇමෙරිකාවත් චෝදනා නැගිමක්ද පසුගිය කාලයේදි සිදුවිය.









