(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් යළි අසාර්ථක වූ බැවින් ඔස්ටේ‍්‍රලියාව සමග පැවැති තරගය පරාජය වුවත් තවමත් අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවට අවස්ථාවක් ඇතැයි හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
‘අපිට අවශ්‍ය වුණේ හොඳ කඩුලූ සබඳතා දෙකක් පමණයි. එහෙම කළානම් ස්ටාර්ක්ගේ අවසන් පන්දුවාර කිහිපයෙන් පිතිකරුවන්ට බේරෙන්න තිබුණා. අනෙක් පන්දු යවන්නන්ගෙන් එතරම් ගැටලූවක් වුණේ නැහැ.’ දකුණු අප‍්‍රිකාව සමග පුහුණු තරගයේදීත්, නවසීලන්ත තරගයේදී සහ ඇෆ්ගනිස්තාන තරගයේදී සිදුවු දෙයම ඔස්ටේ‍්‍රලියාව සමග තරගයේදීත් සිදුවුණා. අපේ මැද පෙළ පිතිකරුවන් ඒ සෑම තරගයකම අසාර්ථක වුණා.’
‘‘අපේ වමත් පිතිකරුවන් මැක්ස්වෙල්ගේ පන්දු යැවීමට සිර වුණා. ඔවුන්ට එහෙම නොවෙන්නයි තිබුණේ. ඒ වෙලාවෙ ලකුණු සිර නොවුණානම් ඔස්ටේ‍්‍රලියානුවන්ට විකල්පයක් නැති වෙනවා. මැද පෙළ පිතිකරුවන් තරගය පාලනය නොකරන එක ලොකු ගැටලූවක්.’’
‘‘ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට වේගය නැති වුණත් ඔවුන්ට උපක‍්‍රම තියෙනවා. විශේෂයෙන් දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට ඇතුළත් කරලා මැද පෙළ කඩුලූ ලබා ගත යුතුයි. එංගලන්තය සමග මීළඟ තරගයට පෙර එංගලන්තය සහ පාකිස්තානය අතර තරගය අධ්‍යයනය කළ යුතුයි.’’









