FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ඉල්ලා අස්වෙයි

 

(ෆාස්ට් නිව්ස්- කොළඹ) – සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන 36 හැවිරිදි සේරා සැන්ඩර්ස් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩවක් මගින් නිවේදනය කර තිබේ.

සැන්ඩර්ස්, ලබන ජූනි මාසයේ ඇගේ තනතුරින් ඉවත් වී, ඇගේ උපන් ජනපදය වන ආකන්සාස් බලා යනු ඇති බවත්, ආකන්සාස් ජනපදයේ දේශපාලන කටයුතුවල ඇය නියැලෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

වසර 3 1/2 ක් තිස්සේ, සේරා සැන්ඩර්ස් ඇගේ රාජකාරි කටයුතු කළේය.

එම ටිව්ටර් පණිවිඩය පහතින්