FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් වේලාවට මෙහෙයුම් සිදුකළ සමාගම ලෙස දෙවැනි වතාවටත් තේරී පත්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මාස 12 කට අඩු කාලයකදී දෙවැනි වරටත් ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස තේරී පත්වී ඇත.

මේ අනුව ශ‍්‍රීලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේදී 90.75% ක ගුවන් ගමන් මෙහෙයුම් නිසි වේලාවට සිදුකර තිබේ.

පසුගිය වසරේ එනම් 2018 සැප්තැම්බර් මාසයේ 91.37% ක ප‍්‍රතිශතයක් වාර්තා කරමින් ලොව වැඩි වශයෙන් නියමිත වේලාවට මෙහෙයුම් සිදුකිරීමේ ගුවන් සේවය බවට පත්වූහ.