FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ හිටපු ජනපති අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මූල්‍ය දූෂණ චෝදනා මත පාකිස්තානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරි ඉස්ලාමාබාද් නුවර දී ඊයේ (10) අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

ව්‍යාජ බැංකු පවත්වා ගනිමින් මූල්‍ය විශුද්ධිකරණයේ යෙදුණු බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

හිටපු ජනාධිපති දේශපාලනමය වශයෙන් හිංසනයට ලක් කරන බවටයි එරට විපක්ෂය චෝදනා කරන්නේ.

අසිෆ් අල් සර්දාරි පාකිස්තානයේ හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝගේ සැමියා ද වෙයි.