FAST NEWS

24×7 Around the Globe

Huawei සහ රුසියානු විදුලි සංදේශ සමාගමක් අතර ගිවිසුමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රුසියාව තුළ 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීම සඳහා චීනයේ ‘හුවාවි‘ (Huawei) සමාගම රුසියානු MTS නම් විදුලි සංදේශ සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇති අතර , ඒ අනුව ලබන වසර ඇතුළත මෙම සමාගම් රුසියාව තුළ 5G ජාලය වර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් අතර මෙම එකඟතාවය ඇති වූයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් අමෙරිකාව ප‍්‍රමුඛ ඇතැම් බටහිර රටවල් චීනයේ ‘හුවාවි‘ සමාගමට බාධක පණවා තිබෙන පසුබිමකයි.

රුසියානු විදුලි සංදේශ සමාගම නිකුත් කර තිබූ නිවේදනයක් උපුටා දක්වමින් AFP පුවත් සේවය සඳහන් කළේ ගිවිසුම ප‍්‍රකාරව ඉදිරියේදී රුසියාව තුළ 5G තාක්ෂණය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන අතර 2019 – 2020 අතර කාලය තුළ 5G ජාලය ද වැඩිදියුණු කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන බවයි.

මාස කිහිපයක සිට ජාත්‍යන්තර පරීක්ෂාවකට ලක්ව සිටින ‘හුවාවි‘ සමාගමට මෙම ගණුදෙනුව යම් අස්වැසිල්ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.