ඊජිප්තුවේ නාගුයිබ් සවිරිස් නම් ධනපතියෙකු සිරියාවේ සරණාගතයින් සඳහා දූපතක් මිලදී ගැනීමට සූදානම් වේ.
සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ඔහු පවසා ඇත්තේ, ග්රීසියේ හෝ ඉතාලියේ දූපතක් සරණාගතයින් සඳහා මිලදී ගැනීමට තීරණය කර ඇති බව ය.
මෙලෙස මිලදී ගන්නා දූපත ‘නිදහස’ නමින් නම් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සිය tweet ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.
ඔහු මේ පිළිබඳව ප්රංශ ප්රවත් සේවයට පවසා ඇත්තේ, පසුගිය කාලය තුළදී සරණාගතයින්ට මුහුණු පෑමට සිදුවූ ඛේදනීය තත්ත්වය මෙම තීරණය ගැනීමට බලපෑ බව ය.










