( ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාර්ලිමේන්තු විමල් වීරවංශට එරෙහිව සිදු කරන පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නොව පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පෙර නිකුත් කළ ටිව්ටර් පණිවිඩය නිවැරිදි කරමීන් තවත් පණිවිඩයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.
එම පණිඩිඩය පහතින්
සුලු නිවැරදි කිරීමක් #SriLanka–
පෙර සටහනේ දැන්වූ පැමිණිල්ල IGP ටයි- CID ට නොවේ (ප්‍ර/ දෝශය ගැන මගේ කණගාටුව)#Muslims #lka— Rishad Bathiudeen (@rbathiudeen) June 7, 2019
විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් සී.අයි.ඩී ය වෙත පැමීණිල්ලක්
( ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාර්ලිමේන්තු විමල් වීරවංශ තමන්ට එරෙහිව එල්ල කළ චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතා සිය ට්වීටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව අදාළ පැමීණිල්ල අද (07) පෙරවරු 11 ට එම දෙපාර්තුමේන්තුව වෙත ඉදිරිපත් කරන බවද හෙතෙම එහි සටහන් කර තිබේ.
පා.ම. විමල් වීරවංශ මහතා විසින් මට එරෙහිව එල්ල කර ඇති විවිධ අසත්‍ය චෝදනා නිසා මා #ACMC +#Muslims ජනයා දැඩි අප්‍රසන්න තත්ත්වයකට මුහුණ දී සිටින්නෙමු.එනිසා අද පෙව 11 ට මේ අසත්‍ය හා සාවද්‍ය චෝදනා/ට එරෙහිව #Srilanka CIDට අපි පැමිණිලි කරන්නෙමු.පටු දේශපාලන වාසි වලට යොමු වීම නින්දිතය #lka
— Rishad Bathiudeen (@rbathiudeen) June 7, 2019








