FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති ඉතිරි කැබිනට් ධුර හතරේ අයිතිකාරයෝ මෙන්න.

ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබෙන ඉතිරි අමාත්‍ය ධුර හතර සඳහා ඒ.එච්.එම්.ෆවුසි, ආරුමුගන් තොණ්ඩමන්,ඩගලස් දේවානන්ද, සහ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබෙන බව වාර්තා වේ.

මෙහි මුළු අමාත්‍ය ධුර සංඛ්‍යාව(48)අනුව තවත් අමාත්‍ය ධුර 05 ක් දිවුරුම් දීමට නියමිත අතර, ඉන් හතරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක් අමාත්‍ය ධුරයක් එක්සත් ජාතික පක්ෂයටත් හිමිව තිබේ.

මෙම අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (07දා) දිනයේදී හෝ හෙට දිනයේදී සිදුකිරීමට නියමිත අතර, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම යටතේ හෙට දිනයේ (08දා) නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුත් අනිද්දා දිනයේ (09දා) ඉතිරි රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත බවද වර්තා වේ.