FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සහ පකිස්ථාන අගමැතිවරුන් අතර හමුවීමක් නැහැ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සතියේ කිරිගිස්ථාන්හි පැවැත්වෙන ෂැංහැයි සහයෝගිතා සංවිධාන සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අතර හමුවක් සිදුනොවන බව ‘‘ද හින්දු’’ පුවත්පත වාර්තා කර තිබේ.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සදහන් කලේ මෙම ෂැංහැයි සහයෝගීතා සංවිධානයේ සමුථවට සමගාමීව නායක දෙපළ අතර සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර නැති බවයි.

ඉන්දිය අගමැතිවරයා සහ පකිස්ථාන අගමැතිවරයා මේ මස 13 හා 14 දෙදින පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සදහා කිරිගිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඉන්දියාව මෙන්ම පකිස්ථානය ද 2017 වසරේ දී ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

නරේන්ද්‍ර මෝදි යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉන්දියා – පාකිස්ථාන නායකයින් අතර, හමුවක් සිදුනොවූ අතර, අගමැතිවරයා දිවුරුම් දීමේ උත්සවයට ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට ආරාධනාවක් සිදුකර තිබුනේ ද නැත.