FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවට හෝ එජාපයට ජනපති සහාය නෑ

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැතැයිද එබැවින් පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පෙරමුණට සහාය දීමේ හැකියාවක් තමාට නැතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් රැස්වීම අවසානයේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී අදහස් දක්වමින් බවද කියැවේ

රටේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට හෝ අනාගතය සම්බන්ධයෙන් පොහොට්ටුව තුළ හෝ එජාප ආණ්ඩුව තුළ කිසිඳු වැඩපිළිවෙළක් පෙනෙන්නට නැතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බව දැනගන්නට තිබේ.