(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ කන්නයේදී මිලදී ගත් වී විවෘත වෙළෙඳපොලට නිකුත් කිරීමට තීරණය කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
දිසාපතිවරුන් මගින් එම වී වෙළෙඳපොලේ මිල ගණන් අනුව අලෙවි කිරීම ඉදිරි මාස 02 තුළ ආරම්භ කරන බව එම මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා ප්රකාශ කළේය.
මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් වී මෙට්රික් ටොන් 50 දහසක් වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබේ.
ඒ සදහා ගොවීන්ට ගෙවා ඇති මුදල රුපියල් බිලියන දෙකක් බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.







