(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එංගලන්ත ක්‍රීඩකයින් වන ජේසන් රෝයිට, ජොෆ්රා ආචර් පාකිස්ථාන නායක සෆ්රාස් ප්රමුඛ ක්‍රීඩකයන් 11 දෙනාට ඇතුළු 13 දෙනෙකුට දඬ පැනවිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
2019 ලෝක කුසලාන එක්දින තරඟවලිය යටතේ 06 වැනි තරඟය ලෙස ඊයේ (04) එංගලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති තරගයට අදාළව මෙම දඬ පැනවිම සිදු කර තිබේ
ඒ අනුව පාකිස්ථාන ඉනිමේ 14 වැනි පන්දුවාරයේදි අසභ්‍ය වචන භාවිත කිරිම සම්බන්ධයෙන් ජේසන් රෝයි හට තරඟ මුදලින් සීයයට 15 ක දඩයක් පනවා තිබේ.
එසේම පාකිස්ථාන ඉනිමේ 27 වැනි පන්දුවාරයේදි විනිසුරු තීරණයට එකඟ නොවන ආකාරයේ ප්‍රතිචාර දැක්විමක් මත එංගන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් හට තරඟ මුදලින් සීයයට 15 ක දඬයක් පනවා ඇත.
එසේම අඩු පන්දුවාර වේගය හේතුවෙන් පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ්ට තරඟ මුදලින් සීයයට 20 ක දඬයක් හා සෙසු ක්‍රීඩකයින්ට තරඟ මුදලින් සීයයට 10 බැගින් දඬයක් නියම කිරිමට අයි.සී.සී ය කටයුතු කර තිබේ.







