(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව සීඝ්රයෙන් පහත වැටුණු සංචාරක කර්මාන්තය යළිත් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.
රටේ වත්මන් තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින හෙයින් පසුගිය දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කීපයක් සිය පුරවැසියන්ට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමද ඊට බලපා තිබේ.
ලංකාවට යළි සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා රජය විසින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබෙන අතර
පුද්ගලික හෝටල් ආදී සංචාරකයින්ට පහසුකම් සපයන ආයතනද විදෙස් රටවල සිය නියෝජිතයින් හරහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව රංජිත් අලුවිහාරේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.







