FAST NEWS

24×7 Around the Globe

ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (03) පළමුවරට බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් අරඹයි.

එම සංචාරයෙන් පසුව ඔහු අයර්ලන්තයේ සහ ප්‍රංශයේ සංචාරයකට එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංචාරය තුළදී දෙවන එලිසබත් මහ රැජිණ ද, අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද, අයර්ලන්ත රජයේ නායක ලියෝ වරද්කාර් ද ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රන් ද හමුවී සාකච්ඡා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ පැමිණීමට විරෝධය පළ කරමින් ලංඩන් නුවර වැසියන් දෙලක්ෂ පණස් දහසක් පමණ අද දැවැන්ත විරෝධතාවකට සූදානම්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් විදෙස් රාජ්‍ය නායකයකු බ්‍රිතාන්‍ය රැජිණ සමග විවෘත රියකින් මෝල් වීදිය ඔස්සේ බකිංහැම් මාලිගය වෙත ගමන් කිරීමේ සම්ප්‍රදාය අවලංගු කිරීමට සිදුව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.