FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකාව පරදා බංග්ලාදේශය ලකුණූ 21 ක ජයක් ලබයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 05 තරගය ලෙස ඊයේ (03) පැවති තවත් තරඟයෙන් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 21 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වියි.ය

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානුවේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් බිඳ වැටී ලකුණු 330 ක් ලබා ගත්තේය.

එහිදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 78 ක් සහ සකිබ් අල් හසන් ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් වුහ.

ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් බිඳ වැටී ලබා ගත හැකි වුයේ ලකුණු 309 ක් පමණි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු නායක පෆ් ඩුප්ලෙසිස් ලකුණු 62ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී බංගල්දේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් කඩුලු 03ක් බිඳ හෙළුවේය.

ලකුණූ පුවරුව