(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාව වෙත ලබාදී තිබූ ප්‍රමුඛතා තීරු බදු සහනය ලබන 5 වන දා සිට අවසන් කිරීමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ප්රගමනය අරමුණු කර ගනිමින් ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය හඳුන්වා දුන් අතර ඒ සඳහා ඇමරිකානු වෙළඳපොළට තීරු බදු රහිතව පිවිසීමේ අවකාශය හිමිවේ.
කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සංවර්ධන වෙමින් පවතින රටවලට ලබාදෙන එම සහනය ඉන්දියාවට තවදුරටත් සහතික කළ නොහැකි බවයි.
ඒ අනුව ඇමරිකාව වෙත අපනයනය කෙරෙන ඩොලර් බිලියන 5.7ක් පමණ වන ඉන්දීය ආනයන සඳහා තීරු බදු ලබන 5 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.









