FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය සමග තරග වදින ශ්‍රී ලංකා 11 මෙන්න

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) -2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තෙවන තරගය ලෙස අද (01) ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලනත් කණ්ඩායම අතර තරගය කාර්ඩිෆ්හීදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 ට ආරම්භ විමට නියමිතය.

අද (01) තරගයේදි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් ලෙස ළහිරු තිරිමාන්න හා දිමුත් කරැණාරත්න ක්‍රීඩා කරනු ඇති බව කණ්ඩායම ආරංචි මාර්ග පවසයි.

එසේම නවසීලන්ත ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති වෙනුවට මැට් හෙන්රි අද (01) තරගයට කැඳවනු ඇති බවත් පැවසේ.

ඒ අනුව කණ්ඩායම් ආරංචි මාර්ග අනුව අද (01) තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම් අවසන් 11 දෙනා නම්ව තිබේ.

ශ්‍රී ලංකාව (ක්‍රීඩා කල හැකි 11)

1.දිමුත් කරුණාරත්න 2.ළහිරු තිරිමාන්න 3.කුසල් මෙන්ඩිස් 4.කුසල්,පෙරේරා 5.ඇන්ජලෝ මැතිව්ස් 6.ධනංජය ද සිල්වා 7.තිසර පෙරේරා 8.ජීවන් මෙන්ඩිස් 9.ඉසුරු උදාන 10 ලසිත් මාලිංග 11.නුවන් ප්‍රදීප්/ සුරංග ලක්මාල්

නවසීලන්තය (ක්‍රීඩා කල හැකි 11)

1.මාර්ටින් ගප්ටිල් 2.හෙන්රි නිකොලස්/කොලින් මුන්රෝ 3.කෙන්,විලියම්සන් 4.රොස් ටේලර් 5.ටොම් ලැතම් 6.ජේම්ස් නීෂම් 7.කොලින් ඩී ග්රැන්ඩ්හොම් 8. මිචෙල් ස්ටේනර්/ ඉෂ් සොදි 9.ලොකී ෆර්ගියුසන් 10.ට්‍රෙන්ට් බොල්ට් 11.මැට් හෙන්රි