(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය ලෙස ඊයේ (31) පාකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර නොටිංහැම්හිදි පැවති තරගයෙන් කඩුලු 07 ක ජයක්,වාර්තා කිරිමට කොදෙව් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු කොදෙව් අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 21 යි පන්දු 04 කදී සියලු දෙනා දැවි ලකුණු 105 ක් රැස් කළේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 04 කදී කඩුලු 03 ක් පමණක් දැවි එම සීමාව පසු කර යෑමට සමත් විය.
ලකුණු පුවරුව









