FAST NEWS

24×7 Around the Globe

ස්වදේශ කටයුතු ඇමති ධූරය භාරතීය ජනතා පක්ෂ සභාපති අමිත් ෂාට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට මූලික වූ භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා නව රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ මීට පෙර ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය හෙබවූ රාජ්නාත් සිංවයි.

නිර්මලා සීතාරාමන් නව රජයේ මුදල් අමාත්‍යවරිය ලෙස පත්කර තිබේ.

න්‍යෂ්ටික බලශක්ති සහ අභ්‍යවකාශ අමාත්‍ය ධූර හොබවනු ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ අමාත්‍ය මණ්ඩලය 57 කට සීමා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.