FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ් සමූපකාර ක්ෂේත්‍රයේ පරිපාලන ගැටලු විසඳීමට විද්වත් මණ්ඩලයක් පත්කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් හා කාර්යක්ෂම සේවාවක් සපයන සමුපකාර ක්ෂේත්‍රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදී තත්ත්වයන් නිරීක්ෂණය වී තිබේ.

එහෙත් මෙරට සමූපකාර ක්ෂේත්‍රය තුළ දේශපාලනීකරණය, අකාර්යක්ෂම කළමනාකරණය හා පරිපාලන ගැටලු ආදී තත්ත්වයන් නිරීක්ෂණය වී ඇති හෙයින් , කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් විද්වත් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර තිබේ.

සමස්ත සමූපකාර ක්‍රමවේදය, එහි දැනට පවතින ගැටලු, එම ගැටලු සඳහා විසඳුම් සහ ඒ සඳහා සමූපකාර නීති රාමුව තුළ සිදුවිය යුතු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීම පිණිස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.