FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රකාශ ගැන දිමුත්ගෙන් පැහැදිලි කිරීමක්

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2014 විස්සයි – 20 ලෝක කුසලානයට පෙර ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රකාශ කළ දේ මෙවරත් පවසන බව ශ්‍රී ලංකා පිතිකරු දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් සඳහන් කර තිබේ.

ඒ අනුව ප්‍රහාරත්ම පිතිකරණයක් අවශ්‍ය බවට ක්‍රීඩා ලෝලීන් 2014 කී නමුත් අවසානයේදී විස්සයි – 20 ලෝක කුසලානය දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වු බව ඔහු පෙන්වා දී තිබේ.

සැලසුමකට අනුව පිතිකරණය සිදු කළද අවකාශයක් නිර්මාණය වි ඇත්නම් වෙනස්ම පන්දු පහරදීමටක වුව යා හැකි බව හෙතෙම පවසා ඇත.

එසේම 1996 එක්දින ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ මෙන්ම 2014 විස්සයි – 20 ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ස්ථානයක නොසිටි බවත් තිරිමාන්න වැඩි දුරටත් සඳහන් කර තිබේ.