(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කුසලාන තරගාවලියේ සමාරම්භය සටහන් කරමීන් පළමු තරගය ලෙස හෙට (30) ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීත එංගලන්ත කණ්ඩායම සමග තරගය, දකුණූ අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට අහිමී වනු ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලිය අතරතුර ඇතිවු උරහිසේ අබාධ තත්වය තවමත් පුර්ණ ලෙස සුව නොවිම මීට හේතුව බවත් පැවසේ.
කෙසේ වෙතත් දකුණූ අප්‍රිකා කණ්ඩායමට සහභාගි වන දෙවන තරගය වන, ලබන 05 වැනිදා පැවැත්වෙන ඉන්දීයාව සමග තරගයට ඔහු ක්‍රීඩා කරනු ඇති බවත් කියැවේ.









