(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු බ්රසීලයේ බන්ධනාගාර කිහිපයක ඇති වූ ගැටුම්වලින් ඒවායේ සිටි රැදවියන් 57 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.
ඊයේ (27) ඇති වූ ගැටුමකින් හතලිස් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර , පසුගිය ඉරිදා රැදවියන් අතර ඇති වූ ගැටුමකින් 15 දෙනෙකු මිය ගොස් තිබේ.
ගැටුම් ඇති වූ බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.









