(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 30 වැනිදා සිට ආරම්භ වන 12 වැනි ක‍්‍රිකට් ලෝක කුසලානයේදී තරග පාවාදීම් හෙවත් දූෂණ සම්බන්ධයෙන් වන ක්‍රියා වැළැක්වීම සදහා ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් සෑම කණ්ඩායමකටම කළමනාකරුවකු බැගින් පත්කිරීමට තීරණය කර ඇත.
එමගින් තරග පාවාදීම්වලට පැමිණෙන පුද්ගලයන් හඳුනා ගැනීමට අදාළ කළමනාකරුවන්ට පහසු වන බව අයි.සී.සී.ය පවසයි.
මීට අමතරව ලෝක කුසලාන කාලයේදී සිදුවන තරග පාවාදීම් සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ ක්ෂණික දුරකතන අංකයක්ද හදුන්වා දීමට කටයුතු යොදා ඇති අතර ,ඒ අනුව මෙතෙක් පැවැති ලෝක කුසලාන වලින් දූෂණ අවම ලෝක කුසලානය මෙය බවට පත්කිරීමට අයි.සී.සී.ය කටයුතු යොදා තිබේ.








