FAST NEWS

24×7 Around the Globe

නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට යලි පත්වේ.

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට නරේන්ද්‍ර මෝදි යළි පත් කර තිබේ.

රාෂ්ට්‍රපති භවන්හි පැවැත්වීමට නියමිත දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන දිනය සහ වේලාව පිළිබඳ තමාව දැනුවත් කරන ලෙස ඉන්දීය ජනාධිපතිවරයා නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේ ය.

පසුගිය දා නිකුත් කළ ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු ආසන 303 ක් දිනාගත්තේය.

මේ අනුව භාරතීය ජනතා පක්ෂය මෙහෙවූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සතු සමස්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 352 කි.