FAST NEWS

24×7 Around the Globe

සාම කතා ආරම්භ කිරිමට ඉම්රාන්ගෙන් මෝදිට ආරාධනා

මැතිවරණ කටයුතු අවසන් වූ බැවින්, සාම කතා ආරම්භ කිරීමට අවස්ථාව උදා වී ඇති බව තවත් පස් වසරක කාලයක් ඉන්දීය අග්‍රමාත්‍ය ධුරය හෙබවීමට අති විශිෂ්ට ජනවරමක් හිමි නරේන්ද්‍ර මෝදිට ට්විටර් පණිවුඩකින් සුබ පැතූ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සඳහන් කර තිබේ.
පසුගිය වසරේය පාකිස්තානයේ අග්‍රමාත්‍ය ධුරයට පත් වෙමීන් ඉම්රාන් කියා සිටියේ, ඉන්දු පාකිස්තාන අර්බුදය විසඳීමට ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කරන බවය.
කෙසේ නමුත් බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සාම කතා සඳහා අවස්ථාවක් හිමි වූයේ නැත.
පසුගිය පෙබරවාරි 14 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පුල්වාමා පළාතේ දී ඉන්දීය දේශසීමා පොලිස් මුර භටයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විම හා ඉන් පසුව ඇතිවු සිද්ධින් මීට හේතු විය.