FAST NEWS

24×7 Around the Globe

ධීවරයන්ගෙන් සහ බෝට්ටු හිමියන්ගෙන් සෘජුවම මාළු මිලදී ගැනීම හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෘජුවම ධීවරයන්ගෙන් සහ බෝට්ටු හිමියන්ගෙන් ලංකා ධීවර සංස්ථාවට මාළු මිලදී ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන තංගල්ල ධීවර වරායෙන් හෙට (25) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතය.
මේ යටතේ ධීවර සංස්ථා නිලධාරීන් වැල්ලට ගොස් ධීවරයාගෙන්ම මාළු මිලදීගැනීමට නියමිතය.
ඒ සදහා වන වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස අදාළ ධීවරයින් ලියාපදිංචි කිරීම සිදුකෙරෙනු ලැබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ.
මෙම වැඩපිළිවෙල යටතේ ජනතාවට තත්වයෙන් උසස් ගුණාත්මක බවින් ඉහළ මාළු ලබාගැනීමට අවස්ථාව හිමි වේ.
මෙහිදී තරගකාරී මිළ තීරණය කිරීමේ අයිතිය ධීවර සංස්ථාව වෙත ලැබීමත් සමග අනවශ්‍ය ලෙස ජාවාරම්කරුවන්ට මිළ අඩු වැඩි කිරීමට ඉඩ නොලැබෙන අතර එමගින් ධීවරයට මෙන්ම පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිළක් හිමි වේ.