FAST NEWS

24×7 Around the Globe

දිමුත් ආරම්භක පිතිකරුවා වීම පිළිබඳව සංගාගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් පුදුමත සහගත තෝරා ගැනිමක් බවත් ඔහු ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරවිම පරිපුර්ණ තේරිමක් බවද ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
දිමුත් කරුණාරත්න ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්, බවත් තාක්ෂණික වශයෙන් ඉතාමත් සාර්ථක අයෙක් බව සංගක්කාර පවසා ඇත.
එක්දින තරගවලදි නව පන්දු දෙකකට මුහුණ දීමට සිදුවන හෙයින් එක් අන්තයක සිට කඩුල්ල ආරක්ෂා කර ගනිමීන් ඔහුට ක්‍රීඩා කිරිමේ හැකියාව ඇති බව කුමාර් සංගක්කාර වැඩි දුරටත් පෙන්වා දී තිබේ.