FAST NEWS

24×7 Around the Globe

මහේලට අයි.සී.සී යෙන් වගකීමක්

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ලබන 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන 2019 එක්දින ක‍්‍රිකට් ලෝක කුසලානයේ නිල සන්නාම තානාපතිවරයකු ලෙස හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන නම් කර ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.
ඒ අනුව ලෝක කුසලාන පැවැත්වෙන කාල වකවානුව තුළ මහේල සමග නම් කරන ලද සන්නාම තානාපතිවරුන් සියලූ දෙනා තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගණවලදී රාජකාරිය කිරීමට නියමිතව තිබේ.
නම් කරන ලද සන්නාම තානාපතිවරුන් තරගාවලියේ විශේෂ සිදුවීම් මෙන්ම ඔවුන්ගේ අදහස්ද ක‍්‍රීඩා ලෝලීන්ට පළ කළ යුතු අතර තරගාවලියේ ශූරතාව සම්බන්ධයෙන්ද අදහස් පළකරනු ඇත.
මහේලට අමතරව 1975 සහ 1979 වසරවල ලෝක කුසලාන දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඞ්, 1983 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වූ ක‍්‍රිෂ්නමංචරී ශ‍්‍රීකාන්ත් සහ ඔස්ටේ‍්‍රලියාවට ලෝක කුසලාන දිනා දුන් නායකයකු වන ස්ටීව් වෝද තානාපතිවරයකු වශයෙන් ලෝක කුසලානයේදී කටයුතු කර ඇත.
මීට අමතරව ඔස්ටේ‍්‍රලියානු හිටපු නායක ඇලන් බෝඩර්ද තානාපතිවරයකු වශයෙන් නම් කර තිබේ.

මීට අමතරව එංගලන්තයේ හීතර් නයිට්, නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි, ඇෆ්ගනිස්තානයේ මිර්වාස් අශ‍්‍රෆ්, බංග්ලාදේශයේ අබ්දුල් රසාක්, එංගලන්තයේ ග‍්‍රැහැම් ස්වෝන් යන හිටපු ක‍්‍රීඩකයන්ද ලෝක කුසලාන සන්නාම තානාපතිවරු වශයෙන් නම් කර තිබේ.