FAST NEWS

24×7 Around the Globe

සේවා නියුක්තිය පහළ බසී

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාවේ සේවා නියුක්තිය පසුගිය වසරේදී 2.4 % කින් පහළ ගොස් තිබේ.
2017 වසරේදී සේවා නියුක්තිය මිලියන 8.2ක් ලෙස සටහන් වී ඇති අතර, පසුගිය වසරේදී එය මිලියන 8.015 දක්වා පහළ බැස ඇති බව මහ බැංකු වාර්තා සදහන් කරයි.
2018 වසරේ කර්මාන්ත අංශයේ මුළු සේවා නියුක්ති 27.9 % ක් ලෙස සටහන් වන අතර, කෘෂිකර්මාන්ත අංශයේ සේවා නියුක්තිය 25.5 % ක් ලෙස වාර්තා වී ඇත.