FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලාන විකාශන අයිතිය රූපවාහිනියට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට නිල විකාශන කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවස්ථාව ලබා දී තිබේ.
නිල විකාශකයින් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සි.සී.) විසින් එළි දැක්වු නිවේදනයෙහි එ බව සඳහන්ව තිබේ.
මේ අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ නිල ගුවන්විදුලි අයිතිය සිත එෆ්.එම්. ට හිමි වී ඇති අතර තරගයන් හි කොටස් (Clips) විකාශය කිරීමේ අයිතිය හිමි වී ඇත්තේ ‘සිත එෆ්.එම්’ හරහායි.
එමෙන්ම තරගාවලියේ විශේෂ අවස්ථා විකාශය කිරීමේ (Video Clips) ලෙස ‘ද පපරේ’ වෙබ් අඩවියට අවස්ථාව හිමීව තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලිය එළඹෙන මැයි 30 වැනිදා සිට ජූලි 14 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ.