FAST NEWS

24×7 Around the Globe

කාදිනල් හිමීපාණන්ට බැණ වැදුණු රුපලාවන්‍ය ශිල්පියෙක් රිමාන්ඩ්..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහස වන ආකාරයෙන් බැණ වැදුණු විඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරිම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට අත්අඩංගුවට ගත් කටුනේරිය ප‍්‍රදේශයේ පදිංචි වජිර දිසානායක නැමති රූපලාවන්‍ය ශිල්පියෙක් ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) නියෝග කර තිබේ.
පසුගියදා සිදුවුණ බෝම්බ ප‍්‍රහාරයට පසුව කාදිනල් හිමිපාණන් කටයුතු කල ආකාරය විවේචනය කරමින් ඉතා පහත් ආකාරයෙන් බැණ වැදිම හා එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යයට එක්කර දිවයිනේ ප‍්‍රධානතම ආගමික නායකයෙක්ට අපහාසයක් කිරිම සම්බන්ධයෙන් කටුනේරිය ප්‍රදේශයේම අයෙක් මාරවිල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කල විමර්ශනයක් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පැවසීය.