FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ ගම්මානයක කුඩා ළමුන් අතර එච්.අයි.වී. පැතිරේ

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානයේ රොටෝඩෙරෝ ගම්මානයේ එච්.අයි.වී. ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

මෙම වෛරසයට බහුලව ගොදුරු වී ඇත්තේ එම ගම්මානයේ කුඩා ළමයින් වීම මෙහි ඇති විශේෂත්වයයි.

පසුගිය අප්‍රේල් 24 වන දින වන විට එම වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් 607 දෙනෙකු වාර්තා වී තිබූ අතර ඉන්  75 %ක් ළමයින් බව පැවසේ.
කුඩා ළමුන් මීට ගොදුරුවීම සම්බන්ධයෙන් මෙතෙක් හේතුව අනාවරණය වී නොමැත.