FAST NEWS

24×7 Around the Globe

තමාගේ උපදෙසින් ප්‍රදීප් ගොඩ ගිය හැටි දිමුත් කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  හැකිනම් බවුන්සර් පන්දු කිහිපයක් යවන්නැයි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගෙන් ස්කොට්ලන්තයට ගිය විට තම ඉල්ලිමක් සිදු කල බවත්, ඔහු එය මැනවින් ඉටු කළ බවද, ස්කොට්ලන්තය සමග ඊයේ (21) පැවති දෙවන එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
නුවන් ප්‍රදීප් ඊයේ (21) තරගයේදි ලකුණු 34 කට කඩුලු 04 ක් දවා ගනිමීන් තරගයේ වීරයා බවට පත් විය.
එසේම වර්ෂාව සහිත තත්වයකදි ඉතා මැනවින් යොකර් පන්දු යැවිමට නුවන් ප්‍රදීප් සමත් වු බවත් ඒ අනුව මෙකී ප්‍රවණතා තත්වයන් ලෝක කුසලානයට හිතකර බව පැවසේ.