(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර්ජාලය ඔස්සේ අතිශය ජනප්‍රියතාවයට පත් ඇමෙරිකාවේ ඇරිසෝනා ජනපදයේ සිටි ‘ග්‍රම්පි කැට්’නම් බැළලිය මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ බැළලියට කලකිරුණු, එල්ලාගත් මුහුණක් තිබීම නිසා ලොව පුරා මිලියන ගණනක ජනතාවට සිනාසෙන්නට මැය උපකාරී වූ අතර මේ අපූරු චරිතය ජනප්‍රිය වීමට ආරම්භ වූයේ 2012 වසරේ සිටයි.
මැය මියයන විට වයස අවුරුදු 07 ක් සම්පූර්ණ වී තිබූ අතර පශු වෛද්‍යවරුන් පවසා ඇත්තේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් මරණය සිදුවුණු බවයි.
මෙම බැළලියගේ පෙනුම කලකිරුණු නපුරු පෙනුමක් ගෙන ඇත්තේ ජාන විකෘතිතාවක් නිසා යැයි ද පැවසේ.
හෝටල් සේවිකාවක් වූ ඇගේ හිමි කාරියට ග්‍රම්පි නිසා බොහෝ දෑ ලැබුණ අතර ඇය ද එක්ස්ප්‍රස් පුවත් පතට කියා සිටියේ ග්රම්පිගේ මුහුණ එක් දිනකින් අන්තර්ජාලය තුළ කළ වික්‍රමයත් සමග තමන් මෙතෙක් කරමින් සිටි රැකියාව ද අත්හල බවයි.
ඇගේ සැබෑ නම ටාර්ඩර් සෝස් නම් විය.
සැන් ෆැන්සිස්කෝ මැඩම් තුසූද් ඉටි කෞතුකාගාරයේ මෙම ‘ග්‍රම්පි කැට්’ බළලියගේ ඉටි රූපයක් පවා ඉදිකර තිබේ.
මෙම සුරතල් බැළලියගේ මුහුණ භාවිතා කළ ඇමරිකානු කෝෆි නිෂ්පාදන ආයතනයක් විසින් ඇගේ හිමිකරුට ඩොලර් 10000ක කතෘ අයිතියක්ද පිරිණමන ලදී ,ඒ මෙම බැළලියගේ මුහුණ සහ සිය ආයතනය නිපදවූ අයිස් කෝපි සදහා “Grumppuccino” යන්න භාවිත කිරීමත් සදහාය.

![]()









