FAST NEWS

24×7 Around the Globe

සේනා මර්ධනයට ඇමරිකාවේ වෛසරසයකින් සාර්ථක ප්‍රතිඵල

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – සේනා දළඹුවා මර්දනය කිරීමට ඇමරිකාවෙන් මෙරටට ගෙන්වන ලද වෛරසයක් පර්යේෂණ තත්ත්වයන් යටතේ සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
2019 යල කන්නය ආරම්භ වී ඇති නිසාත්, දේශීයව හඳුනාගත් ක්ෂුද්‍රජීවීන් ගහනය වැඩිකරගැනීමට කාලය ගතවෙන නිසාත්, ඇමරිකාවේදී හඳුනාගෙන ඇති මෙම වෛරසය පසුගියදා මහියංගන ප‍්‍රදේශයේ ළපටි බඩඉරිඟු වගාවකට ක්ෂේත‍්‍ර පර්යේෂණ මට්ටමෙන් හඳුන්වා දුන් බව, කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ හා මාධ්‍ය සම්බන්ධිකාරක සනත් එම්. බණ්ඩාර මහතා පවසා සිටී.
මේ වන විට කීට විද්‍යාඥයින් විසින් මෙරටින් ද කෘමීන්ට හානි කෙරෙන දිලීර, බැක්ටීරියා සහ වෛරස් වැනි ක්ෂුද්‍රජීවීන් ගණනාවක් හඳුනාගෙන ඇති අතර ඔවුන් ගුණනය කිරීමේ කටයුතු විද්‍යාගාර මට්ටමෙන් සිදු කරමින් පවතී.