FAST NEWS

24×7 Around the Globe

මම නියත වශයෙන්ම ජනපතිවරණයට තරග කරනවා…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ජසීරා පුවත් සේවයත් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, තමන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා නියත වශයෙන්ම තරග කරන බව ප්‍රකාශ කර තිබේ.
“ මම නියත වශයෙන්ම තරග කරනවා. ඒක මම තීරණය කළේ ගොඩක් කාලයකට කලින්. එහෙම නැත්නම් මට ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ගන්න හේතුවක් නෑ” යැයි ඔහු එහිදී සදහන් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ තමන් වාසියක් ලබා ගැනීමට සූදානම් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
“මම ඒක අවස්ථාවක් ලෙසින් ගන්නේ නෑ. ඒක මැතිවරණයක් නෙමෙයි ඒක අපේ රට අපේ ජාතිය. මම ඒ ගැන කලකිරීමට පත්වෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.